• ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ විධිවිධාන ප්‍රකාරව පුද්ගලික හිමිකාරිත්වය යටතේ තබා ගනු ලැබිය හැකි ඉඩම්වල උපරිම ප්‍රමාණය නියමානුකූල කිරීම
  • උපරිම සීමාවට අතිරික්තව ඇති ඉඩම් හඳුනා ගැනීම සහ පවරා ගැනීම
  • පනතේ විධිවිධාන ප්‍රකාරව නෛතික බැඳීම්වලින් නිදහස් කිරීම
  • ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පවරා ගනු ලැබූ ඉඩම්වලට අදාළව ප්‍රකාශකරුවන්ට වන්දි ගෙවීම
  • පවරා ගනු ලැබූ ‍එහෙත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ පිළිබැඳුමෙන් නිදහස් කරනු ලැබූ ඉඩම්වල අයිතිය ආපසු පැවරීමට පියවර ගැනීම
  • ඉඩම් ලේඛන යාවත්කාලී කිරීම සහ ‍ක්ෂේත්‍රයේ සම්බන්ධීකරණයෙන් යුතුව ඉඩම් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම
    • ප්‍රකාශ කර ඇති එහෙත් මෙතෙක් හඳුනාගෙන නොමැති ඉඩම්.
    • උපරිම සීමාවට අතිරික්ත හෙළිදරව් කර නොමැති ඉඩම්.
    • අන්සතු කර ඇති එහෙත් ඵලදායී ආයෝජන සඳහා යොදවා නොමැති ඉඩම්.
  • රටේ ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කරගැනීම පිණිස දායකවීම
    • ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ ව්‍යාපෘති සඳහා ඉඩම් සැපයීම.
    • කෘෂිකාර්මික ව්‍යාපෘති සහ අනෙකුත් වගා කටයුතු සඳහා ඉඩම් සැපයීම. ක්‍රමවේදය බැලීමට ඇතුළුවන්න
    • කර්මාන්ත සඳහා ඉඩම් සැපයීම
  • රටේ සමාජීය සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම පිණිස දායකත්වය ලබාදීම.
    • ඉඩම් නොමැති ජනතාව අතර නිවාස ඉදි කිරීම සඳහා අතර ඉඩම් බෙදා හැරීම.
    • රජ‍යේ ප්‍රතිපත්ති තීරණ ප්‍රකාරව දියත් කරනු ලැබූ විශේෂ ව්‍යාපෘති සඳහා ඉඩම් ලබාදීම.
    • ආගමික ස්ථාන සඳහා ඉඩම් ලබාදීම.
    • පොදු කාර්යයන් සඳහා ඉඩම් ලබාදීම.
    • රජයේ ආයතන සඳහා ඉඩම් ලබාදීම.
  • ආදායම් එක්රැස් කිරීමේ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
    • ස්වභාවික සම්පත් මත ආදායම් එකතු කිරීම
    • කල්බදු පදනමින් ඉඩම් ලබාදීම සහ බදුකුලිය එකුතු කිරීම
    • රජයෙන්, රාජ්‍ය නොවන සංවිධානවලින් සහ අනෙකුත් පුද්ගලයන්ගෙන් ලැබීමට නියමිත මුදල් අයකර ගැනීම
  • ආයතනයේ සංවිධාන ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම
    • කාර්යක්ෂම සහ මැනවින් පුහුණු කරනු ලැබූ කාර්ය මණ්ඩලයක් නිර්මාණය කිරීම
    • රාජකාරි නි‍සි ලෙස පැවැරීම
    • බලය විමධ්‍යගත කිරීම තුළින් රාජකාරි පැවරීම
    • සාකච්ඡා, වැඩමුළු සහ පුහුණු වැඩසටහන් සඳහා කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය මෙහෙයවීම
  • කාර්යක්ෂමතාව සහ ඵලදායීතාවය සාක්ෂාත් කරගැනීම පිණිස භෞතික සම්පත් සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් සැපයීම
logonew2

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව

+94 113 520 165
+94 112 878 052