ජනතාවගේ සහ රටේ සමෘද්ධිය සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ අන්සතු කරනු ලැබූ ඉඩම් සහ භෞතික සම්පත් පරිහරණය කිරීමේ ප්‍රමුඛතම ආයතනය ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ස්ථාපිත කරනු ලැබූ අතර කොමිෂන් සභාවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එහි සභාපතිවරයා කටයුතු කරන අතර විධායක අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ ජෙනරාල්, අංශ භාර අධ්‍යක්ෂවරු සහ සහකාර අධ්‍යක්ෂවරු ඇතුළුව ඔහුගේ කාර්ය මණ්ඩලය 390 ‍දෙනෙකුගෙන් සමන්විත වේ. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති විවිධ කටයුතු මෙම කාර්ය මණ්ඩලය මගින් ඉටුකරනු ලබයි.

මෙම කාර්ය මණ්ඩලය ප්‍රධාන කාර්යාලයේ අංශ 14 කට සහ දිස්ත්‍රික් කාර්යාල 20 කට බෙදා වෙන්කර ඇත.

දිස්ත්‍රික් කාර්යාලවල කාර්යභාරය

  • ක්ෂේත්‍ර කටයුතුවල නිරත වීම
  • බිම් කට්ටිලාභීන් තෝරා ගැනීම සඳහා සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සහ ඔවුන් දැනුවත් කිරීම
  • රජයේ සහ පුද්ගලික ආයතනවල කාර්යයන් සඳහා එම ආයතනවලට ඉඩම් සැපයීමේදී මැදිහත් වීම.
  • රජයේ ආයතනවලින් නිදහස් කොට ප්‍රධාන කාර්යාලයේ අවසරය යටතේ බෙදා හැරීමට නියමිත ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාවට නැංවීම
  • බිම් කට්ටිලාභීන් සඳහා අයදුම් පත්‍ර බෙදාහැරීම පිණිස A/ L පෝරමය පරීක්ෂා කිරීම සහ නිර්දේශ කිරීම
  • සභාපතිවරයාගේ සහ විධායක අධ්‍යක්ෂවරයාගේ විශේෂ උපදෙස් මත අවශ්‍ය අවස්ථාවන්හිදී වි‍ශේෂ ක්ෂේත්‍ර පරීක්ෂාවන් සඳහා සහභාගි වීම.
  • බදාදා සහ සඳුදා දිනයන්හි කාර්යාල‍යේදී ‘මහජන දිනය’ පැවැත්වීම සහ එයට අදාළ රාජකාරි ඉටු කිරීම
  • ලිපිගොනු පවත්වා ගනිමින් ඉඩම් ලේඛනය යාවත්කාලීන කිරීමට අවශ්‍ය තොරතුරු සැපයීම
  • අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වය අවශ්‍ය කරනු ලබන්නා වූ අවස්ථාවන්හිදී, දිස්ත්‍රික්කයේ ඉඩම් නඩු සඳහා සහභාගි වීම
  • ප්‍රතිපත්තිය සහ අනෙකුත් වැදගත් තීරණ ගැනීම පිණිස අවශ්‍ය තොරතුරු සභාපතිවරයා වෙත වාර්තා කිරීම
  • නිල කාර්යයන් සඳහා කාර්යාලයට පැමිණෙන මහ ජනතාවගේ සහ ප්‍රකාශ කරන්නන්ගේ විස්තර එක්රැස් කිරීම සහ සභාපතිවරයාගේ අධීක්ෂණය යටතේ ඔවුනට අවශ්‍ය උපදෙස් ලබාදීම
  • දිස්ත්‍රික් කාර්යාලවල මූල්‍ය ක්‍රියාකාරකම් අධීක්ෂණ කිරීම
  • ආදායම් එකතු කිරීම
  • ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ‍ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සහ පුහුණුව
  • ප්‍රකාශිත ක්ෂේත්‍රයන්හි හඳුනා නොගත් ඉඩම් සහ හෙළිදරව් නොකරනු ලැබූ අක්කර 50 සීමාවට වැඩි ඉඩම් පිළිබඳ තොරතුරු සොයා බැලීම
  • කොමිෂන් සභාවේ අනාගතය වෙනුවෙන් එහි ආදායම ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීම
  • ක්ෂේත්‍ර නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලැබූ පරීක්ෂණ වාර්තාවන්ට අදාළව ක්ෂේත්‍ර පරීක්ෂණ සිදු කිරීම
  • බිම් කට්ටිලාභීන් දැනුවත් කිරීම සහ ඔවුන් තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණවලට සහභාගි වීම
  • ඉඩම් නිරවුල් කිරීම පිළිබඳ විමර්ශන පැවැත්වීම
  • ඔප්පු ප්‍රදානය සඳහා උත්සව සංවිධානය කිරීම
logonew2

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව

+94 113 520 165
+94 112 878 052